Saturday 6th of June 2026

English Tamil
Advertiesment


ලංකාවට සාම සාධක හමුදා ඒම හා යුද අපරාධ චෝදනා වැළකූන ආකාරය


2026-06-06 1276

 

යුද සමයේ උ / නැ  ජනතාවට ආහාර බෙහෙත් හා අත්‍යවශ්‍ය දේ සැපයු කමිටු ප්‍රධානියා ලෙස මහින්ද ඉටුකළ වගකීම්

 

යුද්ධය මැද ආපදා හා මානව හිමිකම් ඇමති ලෙස මහින්ද ඉටුකළ කාර්යය

 

(වොෂින්ටන් වෘකයා)
(Washington  Wolf)


මහින්ද සමරසිංහ (MS) හා තානාපතිවරුන්ට මෝටාර් ගසා පොල්ල වරද්දාගත් කොටින්ට එරෙහි යුද්ධය ඇරඔුන ද  උ / නැ ජනතාවට අත්‍යවශ්‍ය සියලු දේ සැපයීමට එම රජය අතපසු කළේ නැත. ආපදා කළමනාකරන හා මානව හිමිකම් කැබිනට් ඇමති මහින්දගේ ප්‍රධානත්වයෙන් පත්වූ මානුෂික ආධාර කමිටුව නිරන්තරයෙන් ආරක්ෂක අමාත්‍යාංශය තුළ රැස්වී අදාළ සැපයීම් ගැන තීන්දු ගත්හ.

කමිටු ප්‍රධානී මහින්ද සමග ආරක්ෂක ලේකම් ගෝටා හා ජනපති විශේෂ උපදේෂක බැසිල් ද ඊට එක්වූහ. දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ රාජ්‍ය නිළධාරීන් ත්‍රිවිධ හමුදා හා පොලිස් ප්‍රධානීන් මෙන්ම ඇමෙරිකාව බ්‍රිතාන්‍ය යුරෝපා හවුල කැනඩාව ජපානය වැනි ප්‍රබලම තානාපතිවරු හා එක්සත් 

ජාතීන්ගේ සියලුම නේවාසික ආයතන ප්‍රධානීන් එනම් WHO, UNDP, යුනෙස්කෝ, ජාත්‍යන්තර හා දේශීය රතුකුරුස ඇතුළු සියලු අංශ එම හමුවට එක්වූහ. යුද්ධයට එරෙහි මතවාද තිබූ එම සියලු පිරිස් මානුෂික ආධාර සපයන කමිටු රැස්වීමට එක්කර ගැනීමට සමත් වීම ද ඔවුන්ගේ සාධාරණ යෝජනා වලට ඉඩදීම ද  වැදගත් සංසිද්ධියක් විය.

කමිටු නිර්දේශ මත යවන භාණ්ඩ කොටි පැහැර ගැනීම වළකා ඒවා ජනතාවටම සැපයීම අභියෝගයක් විය. හමුදාව හා ප්‍රාදේශීය ලේකම්ලාගේ  මැදිහත්වීම මිසක එහිදී කොටි සමග කිසිදු සම්බන්ධීකරණයක් නොපැවැත්වීම ද විශේෂත්වයකි.

කමිටුවේ දී මතවාදී ගැටුම් ද ඇතිවිය. එක් රටක් High energy බිස්කට් යැවීමට යෝජනා කළ ද කමිටුව ඊට එරෙහි විය. 

එම බිස්කට් කොටි පැහැරගත්තොත් එය හමුදාවට අවාසියක් බව ඔවුහු තර්ක කළෝය.එවැනි මතභේද නිරන්තරව පැන නැගුන ද කමිටුව සුක්ෂමව සියල්ල සමබර කළේය. යුද්ධය මැදත් එම ජනතාවට ආහාර ඹෟෂධ හිසට නිවහන් දරුවන්ගේ අධ්‍යාපනය ආදී සියලු මානුෂික සහාය රජය ලබාදුන්නේ ජාත්‍යන්තරයේ ද දැනුවත්භාවයෙනි. 

ඒ තුළ ජාත්‍යන්තරයෙන් ලංකාවට එරෙහිව පැමිණි යුද අපරාධ චෝදනා නිශේදනය කිරීමට මෙම කමිටුව තුළින් උ / නැ ජනතාවට සපයා තිබූ මානුෂික ආධාර ඉවහල් විය. තවද ලංකාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වහා එවීමේ යෝජනා ඉදිරියට ගෙනයාමට නොහැකි වූයේ ද මානුෂික ආධාර කමිටුව ශක්තිමත්ව උ / නැ ජනතාව රැකගත් පසුබිම තුළය.

 


 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment